රාජ්‍ය බැංකු කීපයක කොටස් වලින් 20%ක් තැන්පතු කරුවන්ට හා සේවකයන්ට විකුණා දැමීමටත් තවත් එක් රාජ්‍ය බැංකුවක් විකුණා දැමීමටත් සැලසුම් කරමින් ඇතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ රාජ්‍ය බැංකුව දිවයින පුරා සිය ශාබා පිහිටුවමින් ජනතාවට බැංකු පහසුකම් සපයනු ලබන්නේ මූලිකව ලාභ අපේක්ෂාවෙන් නොවෙන බවත් පුස්ගලික බැංකු වලින් එවන් කැපවීම අපේක්ෂා කළ නොහැකි බවත්ය.
රජය විසින් පෞද්ගලීකරණය කිරීමට උත්සාහ කරන රාජ්‍ය බැංකු අතර ලොව විශාලතම රාජ්‍ය බැංකු 30 අතරට ඇතුලත්ව තිබෙන රාජ්‍ය බැංකු දෙකක් ද ඇතුලත්ව තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.
රාජ්‍ය බැංකුවල නිල හිමිකරු වන මුදල් අමාත්‍යාංශය හා එහි ලේකම්වරයා විසින් මේ පිළිබඳව කඩිනම් පැහැදිලි කිරීමක් කළ යුතු බවත් සංගමය අවධාරණය කරයි.
0 Comments