2023 අයවැය.... ලංකා ඉතිහාසයේ බියකරුම අයවැය වේවි!

 


ලබන වසර මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත වසරක් බැවින් ,එම මැතිවරණ දිනා ගැනීම සඳහා විවිධ ජනප්‍රිය යෝජනා ඇතුලත් අයවැයක් ඉදිරිපත් කිරීමට  බොහෝ දුරට ඉඩ ඇති බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරු බලාපොරොත්තුවෙන් සිටියද,මෙවර අයවැය  සාමාන්‍ය පොදු ජනතාවගේ ජීවිතය කඩා වට්ටන ලංකා ඉතිහාසයේ මහා බියකරුම අයවැය වීමට ඉඩ ඇති බව බොහෝ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

  එයට හේතු වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ රනිල්ගේ සැලසුම අනුව මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය සැප්තැම්බර් මස ලැබීමට නියමිතව තිබුනත්,එම ඩොලර් මිලියන 300 ද ලබාදීමට මූල්‍ය අරමුදල කල් මරන බැවින් දැඩි මූල්‍ය අර්බූදයකට රනිල් මුහුණ දෙන බවයි.මූල්‍ය අරමුදල පවසන්නේ රජයේ බදු මුදල් ඉලක්ක ගත ප්‍රමානය⁣ට එකතුකර නොමැති බැවින් ජනතාව මත තවත් බදු පටවන ලෙස යි.එසේම දෙවන වාරිකය දීමට විධායක සභාවේ අනුමැතිය ගත යුතු බව ඔවුන් පවසයි.

එසේම ආර්ථිකය ගොඩ ගැනීමට ගතයුතු පියවර කිසිවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වට්ටෝරුවේ සඳහන් නොවන බවත්,මේ නිසා රනිල්ට ඉතුරු වන්නේ මෙවර අයවැයෙන් රාජ්‍ය ආදායම් සොයා ගැනීම සඳහා ආහාර ඇතුලු පාරිභෝගික භාණ්ඩ සඳහා බදු දැමීමත්,රාජ්‍ය දේපළ හා ජාතික සම්පත් දේශීය,විදේශීය කොම්පැනිකාරයන්ට කුණු කොල්ලයට විකුණා දැමීමට යෝජනා කිරීමත්,රාජ්‍ය ඉඩකඩම් හා ජනතාවගේ ඉඩම් විදේශ සමාගම් වලට අත්පත් කරදෙන යෝජනා දැමීමටත්,රාජ්‍ය වියදම් අඩුකර ගැනීම සඳහා සමාජ සුභ සාධන රාජ්‍ය රටාව වෙළඳ පලට හැරවීමත් පමණක් බව ආර්ථික විශ්ලේෂක මතයයි.එනිසා එළඹෙන අයවැය අනිවාර්යයෙන්ම ධනපතියන්ට පමණක් සහන සලසන,සාමාන්‍ය පොදු ජනයා⁣ගේ ජීවත කඩාවට්ටන ම්ලේච්ඡ අයවැයක් වනු ඇති බව එම ආර්ථික විද්‍යාඟ්‍රයිනගේ මතය වේ .

  එසේම මෙම ජීවන බරට විරුද්ධව පෙරට එන බහුතර ජනතාවගේ විරෝධයන් හා උද්ඝෝෂණ මර්ධනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී පොලිස් රාජ්‍යයක් දෙසට වුවද රනිල් ගමන් කරනු ඇතැයි ඔවුන් වැඩිදුුරටත් අනතුරු හඟවයි..... 


Post a Comment

0 Comments