මේ වසරේ මෙතෙක් වන අලි 400ක් මරුට…

 

2023 වසරේ මේ දක්වා කාලය තුළ වන අලීන් 400 දෙනෙකු පමණ මියගොස් ඇතිබව වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබන්ඩාර මහතා පැවසීය.

ඉන් වන අලීන් 200 පමණ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියගොස් තිබේ.

මිනිසුන් විසින් සිදුකරන වෙඩිතැබීම් වලින් සහ රිය අනතුරු හේතුවෙන් එලෙස මියගොස් තිබේ.

ඊට අමතරව විවිධ රෝග හේතුවෙන් ද වන අලීන් මිය යන බව පැවසීය.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වාස භූමි අහිමි වීම මත වන අලීන් ගම් වැදීම සිදුව වෙයි.

මෙරට වන අලි ගහනය 6000ක් පමණ වෙයි.

Post a Comment

0 Comments