ගුරුවරුන්ට ගැහුවේ ජල ලීටර් 4000යි.. ඒක පොඩි ප‍්‍රමාණයක්…- පොලිසිය

 

ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් කොළඹදී පසුගියදා පවත්වන ද විරෝධතාවයට එල්ල කරන ලද්දේ ජල ලීටර් 4000ක පමණක් බව පොලීසිය සඳහන් කරයි.

එය පසුගිය කාලසීමාවේද එල්ල කරන ලද ජල ප්‍රහාර වලට සාපේක්ෂව ඉතා අඩු ප්‍රමාණයක් බව ද පොලීසිය පෙන්වා දෙයි.

ගුරුන්ට විදුහල්පතිවරුන්ට කඳුළුගෑස් ජල ප්‍රහාර එල්ල කිරීම ප්‍රශ්නයක් කර නොගන්නැයිද පොලිස් මහජන කලමනාකාරන කොට්ඨාසය කියා සිටී.

පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්තේ දී පැවති ගුරු විරු විදුහල්පති විරෝධතාවයට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකට එහි ප්‍රකාශකයෙකු මේ බව කියා සිටියේය.

Post a Comment

0 Comments