මාලිමා නායකයන් අත්අඩංගුවට ගන්න සූදානමක්…?

 

මාලිමාවේ නායකයන් අත්අඩංගුවට ගැනීමක් සිදු කළොත් එදාට ආණ්ඩුව නිසැකවම ගෙදර යවන බවට ජාතික ජන බලවෙිගයෙ විධායක කමිටු සාමාජික මහින්ද ජයසිංහ මහතා පවසයි.

මාලිමාවේ නායකයන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පිළිබඳව ආණ්ඩුව තුළ සිදුවුන කුමන්ත්‍රණයන් පිළිබඳව යම් යම් තොරතුරු තමන්ට වාර්තා වන බව ද ඒ මහතා සදහන් කරයි.

අද වන විට විදුලි බිලට එරෙහිව මහ පාරට බසින ජනතාවට සහ සිය අයිතීන් ලබා ගැනීම වෙනුවෙන් මහ පාරට බසින් ගුරුවරුන් මෙන්ම වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමට ආණ්ඩු උත්සාහ දරමින් සිටින බව ද ඔහු පෙන්වා දෙයි.

ඉදිරියේ දී ආණ්ඩුව මැතිවරණයක් ලබා නොදෙන්නේ නම් ජාතික ජන බලවේගය මහපාරට බැස ජනතාව සමඟ මැතිවරණයක් දිනාගැනීමට කටයුතු කරන බවද හෙතෙම තව දුරටත්  කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.


 15 62
 

Post a Comment

0 Comments