සැබෑ ද්‍රෝහීන් කවුද?



 පොහොට්ටුවේ මහින්ද,බැසිල් ඇතුළු මන්ත්‍රී කංඩායමේ බහුතරය 69 ලක්ෂයේ ජනවරමට පිටුපා අධිරාජ්‍යගැති,අන්ත දක්ෂිණාංශික,හා ජන පීඩක රනිල් වික්‍රමසිංහගේ දෙපාමුලට බඩගෑමත් සමඟ එයට එරෙහිව පොහොට්ටුවේ හෘදසාක්ෂියක් ඇති වාමාංශික හා ප්‍රගතිශීලී මන්ත්‍රීවරු කංඩායමක්(අනුර යාපා,ලංසා වැනි අය නොවේ)විපක්ෂයේ අසුන් ගන්නා ලදී.

  මෙසේ රනිල් පොහොට්ටු පාලනය විසින් මැතිවරණ කල්දමා ප්‍රජාතන්ත්‍රවාදය ඇකිලීමට ගත් පියවරයන්ට විරුද්ධවත් ,IMF කොන්දේසි ක්‍රියාවට නගමින් ජනතාව පීඩාවට පත් කරමින් ගෙන යන අධිකාරීවාදී පාලනයටත් විරුද්ධවත්,ජනතාව වෙනුවෙන් පෙනීසිටීම නිසා ඩලස් ඇතුලු කංඩායම ද්‍රෝහීන් ලෙස සලකා දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමටත් පොහොට්ටුවේ බැසිල් ඇතුලු දක්ෂිණාංශික නඩය තීරණයකට එළඹ ඇතැයි සමාජ මාධ්‍ය වල පලවී ඇත.මේ පිළිබඳව අදහස් දැක්වූ නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරයකු පැවසුවේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය කුණුකුඩයට විසිකර දක්ෂිණාංශික රනිල්ගේ ඇමතිකම් සූප්පුකරමින් ජනතාව පෙළන සැබෑද්‍රෝහීන් ඉන්නේ ආණ්ඩුව ඇතුලේ බවයි.මොවුන්ගේ දේශපාලන ඉරණම මීළඟ මැතිවරණයේදී ජනතාව විසින් තීන්දු කරනු ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය..

Post a Comment

0 Comments