නොර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයේ පිහිටි දැනට තාවකාලිකව වසා දමා ඇති පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව යලි විවෘත කරන ලෙසට ඇගළුම් කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරියට බලපැම් කරමින් එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කල සේවක සේවිකාවන් ඇගළුම් කර්මාන්ත ශාලාව ඉදිරිපිට (23) දින උද්ඝෝෂණයක නියැලිණ.
වසර ගණනාවක් තිස්සේ සාර්ථකව පවත්වාගෙන ගිය එම ඇගළුම් කර්මාන්ත ශාලාවට ඇණවුම් නොලැබිම නිසා ඇගළුම් කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය විසින් මිට සිව් මසකට ප්‍රථම ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමිම නිසා එහි සේවය කල සේවක සේවිකාවන් 800 දෙනෙකු පමණ ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදිහත් වි සිටින බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි සේවක සේවිකාවන් කියා සිටියේ.
වසර ගණනාවක් එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කල නිසා තමන්ට වෙනත් රැකියාවක් සොයා ගැනිමට නොහැකි බවත්, එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කල සේවක සේවිකාවන් වැඩි පිරිසක් බගවන්තලාව , නොර්වුඩ් , හැටන් , මස්කෙලිය , නල්ලතන්නිය යන ප්‍රදේශවල පිහිටි වතු වල පදිංචිකරුවන් බවයි උද්ඝෝෂණයේ නියැලි පිරිස කියා සිටියේ.
ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා තම වැටුප් සහ දිමනා කිසිවක් සිව් මසක් තිස්සේ ගෙවා නොතිබිම සම්බන්ධයෙන් හැටන් සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කලද එම නිලධාරින්ගෙන්ද තමන්ට නිසි විසදුමක් නොලැබුණු බවද උද්ඝෝෂණයේ නියැලි පිරිස පැවසිය.
තාවකාලිකව වසා දමා ඇති එම ඇගළුම් කර්මාන්ත ශාලාව කඩනමින් විවෘත කරන ලෙසයි උද්ඝෝෂණයේ නියැලි සේවක සේවිකාවන් පාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ.
 


 
 
 
 
 
 
 
 
0 Comments