වව්නියාව සෙට්ටිකුලම් අඩියාපුලියන්කුලම් ප්‍රදේශයේදී තලෙයිමන්නාරම් දක්වා ධාවනය වූ රාත්‍රී තැපල් දුම්රියට (26) අලුයම් කාලයේදී වනඅලි දෙදෙනෙකු ගැටීමෙන් මිය ගොස් ඇතැයි වව්නියාව වනජීවි කාර්යාලය පවසයි.
කොළඹ සිට තලෙයිමන්නාරම් දක්වා ධාවනය වූ රාත්‍රි තැපල් දුරම්රියට ආඩියාපුලියන්කුලම් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ ගත් වනඅලි රංචුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර දුම්රියේ ගැටීමෙන් වනඅලි දෙදෙනා මිය යාමට අමතරව තවත් වනඅලින් කිහිප දෙනෙකු තුවාල ලබන්නට ඇතැයිද සැක පල කරන බවටද වනජීවි නිලධාරීන් පැවසීය.
කෙසේ වෙතත් අදාල දුම්රිය මාර්ගයේ අනතුර සිදුවූ ස්ථානයේ වනඅලින් දුම්රිය මාර්ගය හරහා ගමන් කරන මන්තලව්වක් බැවින් වේගසීමා ප්‍රදර්ශනය කරද දුම්රිය රියදුරු එය නොතකා අධික වේගයකින් දුමරිය ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක පලකරන්නේ යැයි වනජීවි නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.
අනතුරින් මිය ගොස් ඇත්තේ අවුරුදු 15 ත් 20 අතර වයස්හි පසුව ගැහැනු සහ පිරිමි වනඅලින් දෙදෙනෙකු වන අතර වනඅලින්ගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් විසින් සිදුකිරීමට පියවර ගෙන ඇත.

0 Comments