විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට , ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි !

  


රනිල්,බැසිල් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යන බවට සමාජ මාධ්‍යවල පැතිරයන ප්‍රවෘත්තියත් සමඟ දේශපාලන ⁣අංශවල උණුසුම් තත්වයක් නිර්මාණය වී ඇති බව වාර්ථාවේ.

    ඒ අනුව ⁣විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාල නීතිමය තත්වය පිළිබඳව දේශපාලන පක්ෂවල විශේෂ අවධානය⁣ට යොමුවී ඇති අතර නීති විශාරදයින් පවසන්නේ විධායක ජනාධිපති  ක්‍රමය අහෝසිකිරීමට නම් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 ක විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකදී ජනතාව විසින්ද අනුමත කිරීම අත්‍යවශ්‍ය බවත්,එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තියේ පැහැදිලිව දක්වා ඇති බවයි.එසේම මෙය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකදීද පැහැදිලිව දක්වා ඇති බව ඔවුන් පවසයි.

   ජනාධිපති ආණ්ඩු ක්‍රමය වෙනස් කොට නැවතත් වෙස්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමය  ස්ථාපිත කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය ගෙන ආ 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වූයේ, එවැනි සංශෝධනකට  ජනමත විචාරණයකදී පරමාධිපන්‍ය බලය හිමි ජනතාවගේ අනුමැතිය අත්‍යවශ්‍ය බවයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තියේ  ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය  යනුවෙන් දක්වා ඇත.මේ අනුව ජනාධිපති මැතිවරණය නොපවත්වා එය මගහැරයාමට රනිල් කටයුතු කළහොත් ගන්නාවූ ක්‍රියාමාර්ග පිළිබඳව දැනටමත් විපක්ෂයේ පක්ෂ වල අභ්‍යන්තර සාකච්ඡා ආරම්භවී ඇතැයි දැනගැනීමට ඇත.

Post a Comment

0 Comments