මීළඟ මැතිවරණයට, ප්‍රගතිශීලී,වාමාංශික පුළුල් සංධානයක්!



 අධිරාජ්‍යගැති හා විනාශකාරී IMF වැඩපිළිවෙළ මත රටත්,ජාතියත්,අනාගතයත් සුනුවිසුණු කර දමන රනිල්,පොහොට්ටු පාලනය

හා එහිම කාබන් පිටපතක් වන සමගි ජන බලවේගයටත් එරෙහිව ,ප්‍රගතිශීලී,වාමාංශික හා ජාතිකවාදි බලවේග එක්සත් කරන පුළුල් දේශපාලන සංධානයක් ගොඩනැගීමට මාලිමාව,නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුලු වාමාංශික හා ප්‍රගතිශීලී පක්ෂවල අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ වී ඇතැයි වාර්ථා වේ.

එවැනි පුළුල් එක්සත්කමකින් හැර මේ ආණ්ඩුව පරාජය⁣ට පත්කිරීම අසීරුබව හැම පක්ෂයකම අදහස වී තිබේ.

        එබැවින් ශ්‍රී ලාංකේය අභිමානය ලෝකය ඉදිරියේ ඉහළින් ඔසවා තැබෙන මිත්‍රශීලී නොබැඳුනු විදේශ ප්‍රතිපත්තියක්,ජනතා අපේක්ෂා ඉටුකරන පිරිසිදු රාජ්‍ය පාලනයක්,1978 ව්‍යවස්ථාව අහෝසිකර ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රමුඛත්වයේ තබා ක්‍රියාත්මක කරන නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක්,නිරෝගී,දැනුමෙන් සවිමත්,ඵලදායී පුරවැසියෙක් සහිත සශ්‍රීක මානව සම්පතක්,දේශීය ආර්ථිකය ශක්තිමත් කරන ,පොදුජනයා නගාසිටුවන ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්,තාක්ෂණික දැනුම පදනම් කරගත් සමාජයක්,භෞතික සම්පත් වඩා ඵලදායී ලෙස පරිභෝජනය කරන මානව සම්පතක්,ගහකොළ,ඇළදොල සහ සතා සීපාවා මුල්කරගත් තිරසර පරිසර කළමනාකරණයක් ,ජාතික ආරක්ෂාවට මුල්තැන දෙන,හා නීතියේ ආධිපත්‍යයට ගරු කරන විනයගරුක,නීතිගරුක රටක් වෙනුවෙන් හැම පක්ෂයේම පූර්ණ එකඟත්වය මත මෙම සංධානය ගොඩනැගිය යුතු බව,එක් වාමාංශික නායකයෙක් පැවසීය...

Post a Comment

0 Comments