යහ පාලන ආණ්ඩුව පැවති කාලයේ දිනේෂ්,මහ බැංකු හොරා ,හොරා යයි පවසමින් මැති සබය තුල පරම හතුරෙකු ලෙස රනිල්ට එලව එළවා පහර දුන්නේ ඉතා සාහසික ලෙසිනි.එහෙව් දිනේෂ් රනිල්ගේ නම ජනාධිපති පදවියට යෝජනා කළේය.එහෙම කළේ සිය දේශපාලන ජීවිතයේ අවසන් අවධියේ දේශපාලන ඉතිහාස පොතේ අගමැති පදවිය දැරුවෙකු ලෙස තම නම ලියාගන්නටය.මහින්දට කොච්චර කඩේ ගියත්,ගහලකම් කලත් මහින්ද අගමැති කම දෙන්නට තීරණය කළේ නැත.මහින්ද කළේ සිය පුත්රයාට ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම පමණි.මෙයින් පෙනී යන්නේ බලය වෙනුවෙන් ඕනෑම පහත් අශිෂ්ඨ වැඩක් කළ හැකි බව නොවේද?
ඊළඟට මට නින්ද යන්නේ රනිල් හිරේ ගිය දාටයි,කියපු මහින්දානන්දත්,රනිල්ට අගමැතිකම දෙන්න අපිට පිස්සු නෑ කියපු රෝහිත අබේගුණවර්ධනත් රනිල් සමඟ විදේශ සංචාරයට ගිහින්ය.දැන් රනිල්ට ඉහළින් පියාඹන්නට මොවුන්ට බැරිය.ලැජ්ජානැතිකමක මහත,,,පුරවැසියන් ලෙස අපි මොවුන් ගැන ගන්නා තීන්දුව කමක්ද?...
0 Comments