වමේ පක්ෂ සමඟ පුළුල් වාමාංශික පෙරමුණක් හදනවා ! අනුර කුමාර ඇමරිකාවේදී පවසයි !

 




ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රනිල්,සජිත්,පොහොට්ටු,ශ්‍රීලනිප දක්ෂිණාංශික කඳවුර එක් පෙරමුණකින් තරඟ වදින විට අපි සියලු වමේ හා ප්‍රගතිශීලී පක්ෂ සමඟ එකතුව පුළුල් වාමාංශික පෙරමුණකින් තරඟ වදින බවත් ඒ සඳහා ඉදිරියේදී සාකච්ඡා ආරම්භ කරන බවත් අනුර කුමාර දිසානායක ඇමරිකාවේ හ්‍යුස්ටන් නගරයේ පැවති ජනහමුවකදී ප්‍රකාශකර ඇත.

      ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ජාත්‍යන්තර ලේකම් චිරංජය නානායක්කාර අසනලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී චිරංජය සහෝදරයා අසා ඇත්තේ මාලිමාවද ඇතුලු සියලු වමේ හා ප්‍රගතිශීලී පක්ෂ එකතු නොවුනොත් මීළඟ ජනාධිපතිවරණයේදී දක්ෂිණාංශික කඳවුර පරාජයට පත් කිරීමට නොහැකි බවට පසුගියදා ජ.වි.පෙ ලාල්කාන්ත සහෝදරයා කළ ප්‍රකාශය ගැන අනුර කුමාර සහෝදරයාගේ ස්ථාවරය කුමක්ද යන්නයි.එහිදී ඔහු තවදුරටත් පවසා ඇත්තේ ලාල්කාන්ත සහෝදරයා පැවසූ දෙය තමාද පිළිගන්නා බවයි...

                          

Post a Comment

0 Comments