ඉන්ධන මිල සංශෝධන සැප දිනපතාම දෙන්න යයි… ඔටෝමැටික් කරයි…


දැනට ක්‍රියාත්මක මසකට වතාවක් ඉන්ධන මිල සංශෝධනය ක්‍රමවේදයට වෙනුවට දෛනිකව ඉන්ධන මිල සංශෝධන වන ක්‍රමවේදයක් හඳුන්වා දීමට බලාපොරොත්තු බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඉන්ධන ආනයන සමාගම් විසින් ඉන්ධන මිල දෛනිකව තීරණය කරනු ඇති බවද පැවසූ ඔහු එළඹෙන වසරේ සිට එම ක්‍රමය අඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.

ඒ අනුව එකවර විශාල ප්‍රමාණයකින් තෙල් මිල වෙනස් වනු වෙනුවට දෛනිකව කුඩා අගයකින් ඉන්ධන මිල වෙනස් වීමේ ලාභ හෝ පාඩු අදාළ ආයතන වලට ලැබෙනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ඛනිජ තෙල් බෙදුම් කරුවන් ගේ සංගමයේ වාර්ෂික රැස්වීම කොළඹ දී අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

Post a Comment

0 Comments