එළැඹෙන ජනවාරි මාසයේ සිට පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාව නොකිරීමට තීරණය කරනු ලද බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ මෙරටට ගෙන්වන ඩීසල් වල ගුණාත්මක භාවය පිළිගත හැකි මට්ටමක නොමැති නිසා වාහන වල දුම් පරීක්ෂාව ප්‍රායෝගික නොවන බවයි.
එමෙන්ම ලංගම බස් රථ සහ රාජ්‍ය වාහන වල දුම් පරීක්ෂණ පැවැත්වීම ක්‍රමවේදයක් නැති බවද ඔහු පෙන්වා දෙයි.
එම නිසා ජනවාරි මාසයේ සිට සියලුම පෞද්ගලික බස්රථ දුම් පරීක්ෂණ වලින් ඉවත් කිරීම හෝ ලංගම බස් රථ සඳහා ද එම නීතියම ක්‍රියාත්මක කර ඩීසල් ගුණාත්මක භාවයකින් යුතුව ලබා දෙන ලෙසට ප්‍රවාහන අමාත්‍යාංශ ඉල්ලීමක් කරන බවද හෙතෙම පැවසීය.
0 Comments