කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ ජාල ඔස්සේ මුදලට අලෙවි කරන ලාංකිකයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
ජාත්‍යන්තර සංවිධානයක් විසින් ළමා හා කාන්තා කාර්යංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.
පැමිණිල්ලේ දැක්වෙන්නේ පුද්ගලයන් කිහිපදෙනකු විසින් වට්ස්ඇප් සමූහයක සාමාජිකයන් වෙත මෙසේ කුඩා දරුවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ බෙදා හරිමින් සිටින බවයි.
වයස අවුරුදු 2, 3, 5, 7 යන වයස් කාණ්ඩ වල කුඩා දරුවන්ගේ අසභ්‍ය දර්ශන රුපියල් 1000, 2000, 3000 වැනි මුදලකට අලෙවි කරමින් සිටින බවද පැමිණිලිකරුවන් කියා සිටියි.

0 Comments