මගීන් සමග බස් රථය මග නවත්වා රියදුරු කුඩු ගහන්න යයි…

 



පූගොඩ කොළඹ මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් මගීන් සමග මග නවතා රියදුරා මත්කුඩු පානය කරද්දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙල්ගොඩ නගරයේ දී ප‍්‍රධාන මාර්ගයේ බස් නැවතුමක් අසල මගින් ද සමග බස් රථය නතර කර තිබෙනු දැක පොලිසිය ඒ පිළිබඳව විමසිලිමත් වී ඇත.

රියැදුරා පසුව දිවවිත් බස් රථයට නැග ඇති නමුත් ඔහු මත්කුඩු පානය කරන්නකු සේ වීම පිළිබඳව සැක මත ප්‍රශ්න කර ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඔහු මත්කුඩු පානය කර ඇති බවයි.

අදාල රියදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මස දෙවැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Post a Comment

0 Comments