ඉන්දියාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බල ඇණිය දුර්වල මට්ටමක පවතින බව ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක චමින්ද වාස් පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත සමීර හා ප‍්‍රධාන දග පන්දු යවන්නා වන වනිදු හසරංග ආබාධ තත්ත්වයක් මත මෙන්ම මෙවර සංචිතයට ඇතුලත් කර නැත.
ඔවුන් නොමැතිව ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණියට ඉන්දීය තණතීරුවල කඩුලු ලබා ගැනීම ඉතා අසීරු වනු ඇති බව වාස්ගේ අදහසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පන්දු යවන්නන් ලෝක කුසලාන තරගාවලියක් ආසන්නයේ කළමනාකරණය කරගත නොහැකි වීම අඩුපාඩුවක් බවද චමින්ද වාස් පවසයි.
පිතිකරුවන්ට වාසිදායක ඉන්දීය තනතීරුවල දැනට නම් කර ඇති ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගාවලිය පුරාම යොදවා ගත හැකි වේ දැයි ප්‍රශ්න සහගත බවත් ඔවුන් ආබාධ නිසා තරගාවලියෙන් ඉවත් වීමට නොහැකි තත්ත්වයක් ඇති බවත් වාස් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය තනතීරු වල ලකුණු තුන්සියයකට වඩා ලබා ගත හැකි වුවත් එය ආරක්ෂා කරගැනීම ශ‍්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියට අභියෝගයක් බව ද හෙතෙම තව දුරටත් කියා සිටී.
0 Comments