මෙම සටහන ලිවීමට අදහස් කළේ නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යයේ ලයිට් බිල ගැන කතාව නැවත සමාජයේ කතාබහට ලක්වීම නිසාය.නාමල් ඇතුලු පොහොට්ටු නඩය මුලදී පැවසුවේ එවැනි විදුලි බිලක් ගැන තමුන් නොදන්නා බවත් එය රාජපක්ෂවරුන්ට මඩ ගැසීම සඳහා යොදාගත් එකක් බවයි.එසේනම් ලක්ෂ 26 ක විදුලි බිලක් සනත් නිශාන්ත ගෙවුවේ ඇයි.දැන් නාමල්,සනත් නිශාන්ත රඟපාන ලද නාඩගම අතේ පැලවුනු බොරුවක් බව ජනතාව දනී.
අද සිටින මේ තරුණ දේශපාලකයන් විතරක් නෙමෙයි රනිල්,සජිත් බැසිල් දිනේෂ්ලාද ජනතාවට බොරු කියයි. මහ බැංකු හොරා කිව්ව රනිල් දැන් ඔවුන්ගේ ගැලවුම් කාරයාය.මේ බොරුකාරයන්ට නැවත මේ රටේ අහිංසක මිනිසුන් රැවටීමට ඉඩ දිය නැත.අද මොවුන් එක ගොඩේය. එබැවින් මොවුන්ට විරුද්ධව පොදු මහ ජනතාවද එක ගොඩකට එකතුවිය යුතුය.ඒ සඳහා ඵෙතිහාසික අවස්ථාවක් දැන් උදාවී ඇත.මෙය තේරුම් ගෙන මොවුන්ට විරුද්ධ සියලු වමේ පක්ෂද එක ගොඩකට පෙළගැසිය යුතුය. එසේ නොවුන හොත් ජනතාව නැවත පරාද වනු ඇත....වාම පොදුජන ව්‍යාපාරය.
0 Comments