සහල් මිල පහත දැමීමට කටයුතු නොකළ හොත් යළිත් සහල් ආනයනයට කටයුතු කරන බව වෙළෙඳ ඇමැති නලින් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.
මේ වන විට වෙළෙඳ පොළේ පාලන මිල ඉක්මවා අත්තනෝමතිකව සහල් මිල ඉහත දමා ඇති බවට ද ඔහු චෝදනා කරයි.
නිෂ්පාදකයන් සහ වෙලදුන් රජයේ පාලන මිල නොතකා කටයුතු කරමින් සිටින බවත් මෙය ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් බවත් පැවසූ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වැටලීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව කියා සිටියේය.
ඒ තුළින් ද පාලනය කරගත නොහැකි වූවොත් විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවද හෙතෙම තවදුරටත් පැවසුවේය.

0 Comments