2022 වසරේදී ලෝකයේ වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබූ රට ලෙස ශ්‍රී ලංකාව වාර්තාවක් තබා ඇති බව නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
2022 වසරේදී පමණක් අලි ඇතුන් හාරසිය විස්සක් මෙරට ඝාතන වී ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියි.
මෙම වසර අවසාන වීමට පෙර පෘතුගීසි ලන්දේසි යුගයටත් වඩා අලි ඇතුන් ඝාතනය සම්බන්ධයෙන් මෙරටින් වාර්තා විය හැකි බවද හෙතෙම සඳහන් කරයි.
පසුගිය වසරේ අලි ඇතුන් ඝාතනයෙන් දෙවෙනි තැන ටැන්සානියාවටත් තුන්වැනි තැන මොසැම්බික් රාජ්‍යයටත් ලැබී ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.
0 Comments