එළඹෙන අයවැය යෝජනා වලින් සියළුම රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ දමන බව ජනාධිපති ඊයේ(30) කැබිනට් මණ්ඩලයට පවසා තිබේ.එහෙත් එය කොපමණ මුදලකින්ද යන්න පවසා නැති අතර පවතින ජීවන වියදම අනුව සොච්චම් වැටුප් වැඩිවීමක් නම් පලක් නැති බව රාජ්‍ය ,පෞද්ගලික දෙඅංශයේම සේවකයෝ පවසති.
වැඩිවන බඩුමිළ ගැන සළකා වැටුප් වැඩි කරනවා විනා විවිධ දේශපාලන කල්ලි වල ඉල්ලීම අනුව වැටුප් වැඩි කරන බව කියන කථාවල කිසිම පදනමක් නැති බව ජනාධිපති කැබිනට් මණ්ඩලයට වැඩිදුරටත් පවසා ඇත.
එසේම පෞද්ගලික අංශයේ සේවකයන්ටද ඊට සමගාමීව වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද ඔහු පවසා ඇත.
වෘත්තීය සමිති වල ඉල්ලීම වන්නේ අවම වශයෙන් රුපියල් 20000 කින් වැටුප් වැඩි කළ යුතු බවත්,එසේ නොවන්නේ නම් තවිදුලි බිල,ජල බිල,බඩුමිළ,අනුව සහ ලබාගෙන තිබෙන ණය ගෙවා ගැනීමට බැරිව බහුතරයක් සේවකයන්ට වස බොන්න වෙන බව ප්‍රජාතන්ත්‍රවාදී ඒ. වෘ.ස. සම්මේලනයේ ලේකම් MDR අතුල සහෝදරයා පැවසීය..
0 Comments