කෙහෙලිය පරිසර ඇමති කලාම පරිසරය වනසාවි.. අපි විරුද්දයි..

 



කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ‍ක්‍ෂෙත‍්‍රය විනාශ කිරීමෙන් පසු ඔහු සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කර පරිසර ඇමතිවරයා ලෙස පත් කිරීමෙන් සිදුවන්නේ සෞඛ්‍යයට සිදු වූ හානිය පරිසරයට සිදු කිරීමට ඉඩ ලබා දීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙවර කැබිනට් සංශෝධනය ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව විසින් රඟ දක්වන විහිළුසහගත බල දේශපාලන නාඩගමක් බවද ඔහු කියා සිටී.

සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරද්දී කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංගයක් විපක්ෂයෙන් ගෙන ආ විට ආණ්ඩුව එක්ව ඔහු රැක ගත්තද ජනාධිපතිවරයා විසින් කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉවත් කොට ආණ්ඩු පක්ෂයේ 113 දෙනාගේ විශ්වාසය නිරුවත් කොට ඇතැයිද ඔහු සඳහන් කරයි.

Post a Comment

0 Comments