රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයට..? ෆොන්සේකා හා වීරසේකරත්…?

 

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක් සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද ඉදිරිපත් වීමට සැලසුම් කරමින් ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

ඊට අමතරව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර යන මහත්තුරුන්ද ජනාධිපති අපේක්ෂකයන් ලෙස තරඟ වදිනු ඇති බවට එම පුවත්පත් වාර්තාවේ සඳහන් වෙයි.

සරත් ෆොන්සේකා මහතා දූෂණය පිටුදැකීමේ තේමාවෙන් කුඩා පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවත් ජාතික බලවේගය පදනම නම් සංවිධානයකින් සරත් වීරසේකර මහතා ජනාදිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති බවත් එහි දැක්වෙයි.

මේ වන විට අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපතිවරණය ඉලක්ක කරමින් ප්‍රාදේශීය වශයෙන් ජනතාව දැනුවත් කරමින් සිටින බවද පුවත්පත් වාර්තාව තවදුරටත් සඳහන් කර ඇත.

Post a Comment

0 Comments