මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පක්‍ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටී.
රටේ සිදුවන ඝාතන රැල්ල පාදක කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඉදිරි සතියේ දී භාරදීමට සූදානමක් ඇති බව වාර්තා වේ.
පවතින ඝාතන රැල්ල පාලනය කිරීමට මාසයක් කල් දෙන බවත් එසේ නොවුණහොත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා දැනට මසකට පහණ පෙර සඳහන් කරනු ලැබීය.
මන්ත‍්‍රීවරයා සඳහන් කරන්නේ ඝාතන රැල්ල පාලනය කිරීමට අමාත්‍යවරයා අසමත් වී ඇති නිසා විශ්වාසභංග යෝජනාවට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බවයි.
0 Comments