කණ්ඩායමෙත් නෑ.. සංචිතයෙත් නෑ.. දසුන් ශානක පන්දු යවන්න ට්‍රේනිං..

 

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින් සිටියදී සඳහා ආබාධ තත්ත්වයක් මත නායකත්වයෙන් සහ සංචිතයෙන් ඉවත් කරන ලද දසුන් ශානක නැවතත් පන්දු යැවීම ආරම්භ කර තිබේ.

ඊයේ පස්වරුවේ ඔහු බැංගලෝර ක්‍රීඩාපිටියේ දී පුහුණු සැසියට සහභාගී වී පන්දු යැවීම ආරම්භ කරන ලදී.

දසුන් ශානක එහිදී සුපුරුදු රිද්මයෙන් පන්දු යැවූ අතර මීට දින කිහිපයකට පෙර ලක්නවුහිදී පන්දුවට පහර දීමට ද කටයුතු කළේය.

සංචිතයෙන් ඉවත් කළ ද ඔහු තවදුරටත් කණ්ඩායම සමඟ රැඳී සිටිමින් සිටියදී ඔහු වෙනුවෙන් ආදේශ ක‍්‍රීඩකයන්ද ඉන්දියාවට කැදවා ඇත.

Post a Comment

0 Comments