නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් වතුයායේ හින්දු කොවිලේ සහයක පුජකවරයා වශයෙන් කටයුතු කල අවු 16 හැවිරිදි අයෙකු කොවිලට අයත් තාවකාලික මඩුවක (03) දින ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මෙසේ ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇත්තේ ඔස්බොන් වත්තේ පහල කොටසේ පදිංචිව සිටි සුන්දරමුල්ලන් ජනනාදන් නැමති 16 හැවිරිදි අයෙකි.
ඔස්බොන් වතුයායේ හින්දු කොවිලේ ප්‍රධාන පුජකවරයා සමග එක්ව සියදිවි හානි කරගත් සහයක හින්දු පුජකවරයා කාලයක් තිස්සේ එම හින්දු කොවිලේ පුජා කටයුතු සදහා එක් වන බවත්, (03) දින උදැසන ප්‍රධාන පුජකවරයා හින්දු කොවිලේ නොමැති අවස්තාවේ සහයක පුජකවරයා කොවිලේ තාවකාලිකව ඉදි කර ඇති මඩුවක බාල්කයේ එල්ලි සිය දිවි හානි කර ගෙන ඇති බව කොවිලට පැමිණ ප්‍රධාන පුජකවරයා දැක ඒ පිලිබදව නෝටන්බ්‍රිජ් පොලිසිය වෙත දැනුම් දි ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලිසිය පරික්ෂණ පවත්වයි
0 Comments