ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් ඉදිරිපත් වුවහොත් ජනාධිපතිවරණයක් අනවශ්‍ය හෙයින් ඊට වැය වෙන බිලියන 13 ක මුදල ඉතිරි වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
එම බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යොදා ගත හැකි බව ද හෙතෙම පැවසීය.
ජනාධිපතිවරණයට තරඟ වදින වෙන කිසිදු අපේක්ෂකයකුට රට ගොඩනැගීමට නොහැකි බව දන්නා හෙයින් ඔවුන් කළ යුත්තේ රට ගැන සිතා ඉදිරිපත් නොවී සිටීම බවත් පැවසූ ඔහු බැරි බව දැන දැනත් ජනතාවට අනවශ්‍ය බර පටවන්නේ නැතිව සිටීම ඔවුන්ගේ වගකීම බවත් පෙන්වා දෙයි.
0 Comments