මහ කන්නයට ගොවින්ට සහන මිලට දේශීය බීජ අර්තාපල්…

 



කෘෂිකාර්මික ඉඩම් අක්කර 300 ක අර්තාපල් නිෂ්පාදනයෙන් ගොවීන් 500 කට ප්‍රතිලාභ ලබා ගත හැකි වන පරිදි මහ කන්නය සදහා පළමු අදියරේදී බීජ අර්තාපල් කිලෝග්‍රෑම් 40,000 (හතළිස් දහසක්) පමණ සහනාධාර මිලට ගොවීන් වෙත ලබා දීමෙ වැඩසටහනේ සමාරම්භක උත්සවය නුවරඑළිය සීතාඑළිය බීජ අර්තාපල් පර්යේෂණ ආයතන ගොවිපලේදී  පැවැත්විණ.

ලෝක බැංකුවේ ආධාර  යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත ක්‍රියාත්මක  කෙරෙන මෙම වැඩසටහන සීතාඑළිය බීජ අර්තාපල් ගොවිපොළේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ සනත් දිසානායක , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ “කෘෂිකාර්මික පර්යේෂණ ආයතනය” නිලධාරි ඊ.එම්.කේ.  ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ඌව පළාතේ සහ මධ්‍යම පළාතේ ගොවීන් වෙත සහනාධාර යටතේ බීජ අර්තාපල් ලබාදීමේ මෙහෙයුමේ කොටසක් ලෙස බලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ මෙම මූලික බීජ අල බෙදා දුන් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළේය ,

එමෙන්ම පිටරටින් ගෙන්වන බීජ අර්තාපල් පාලනය කර දේශීයව අල නිෂ්පාදනය වැඩිකර විදේශ රටවලට අපනයනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බවත් දේශීයව නිෂ්පාදනය කරන අල විදේශ රටවලට අපනයනය කර විදේශ විනිමය ඉහළ නැංවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

Post a Comment

0 Comments