රජයට එරෙහිව ජනතාවගෙන් නැගෙන විරෝධතා වැලැක්වීම සඳහා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය නියාමනය කිරීමට නීති ගෙන ඒමට රජය සැලසුම් කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
මාධ්‍ය නියාමනය කිරීමට රජය විවිධ නීති හඳුන්වා දී ඇත්තේ එහි ක්‍රියාකලාපයට ජනතාව විරුද්ධ බව හොඳින්ම දන්නා නිසා බව ඒ මහතා පැවසුවේ දකුණු කොරියාවේදී ශ්‍රී ලාංකිකයින් පිරිසක් අමතමිනි.
‘මාධ්‍ය මගින් ජනතාවට තොරතුරු ප්‍රචාරය කරනවා. රජය බලාපොරොත්තු වන පරිදි කටයුතු කරනවා නම් මහජන දේපළ වංචා නොකර කොල්ලකෑමෙන් රජය කටයුතු කරනවා නම් රජය ජනතාවට සහ මාධ්‍යවලට බිය විය යුතු නැහැ. ඒ බව ජනාධිපතිතුමා ඇතුළු රජය හොඳින්ම දන්නවා. ජනාධිපතිතුමා ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ කෙනෙක්. ඉතින් එතුමා දන්නවා ජනතාව විරුද්ධ බව. ජනතාවගෙන් එල්ලවිය හැකි විරෝධතාවලට ඔහු බයයි. ආණ්ඩුවේ ක්‍රියාකලාපය ජනතාව ඉවසනවානම් අනුමත කරනවානම් ඔවුන් බය නැහැ’
0 Comments