නීති විරෝධීව විදේශයන්හි සඟවාගෙන සිටින මුදල් මාසයක් හෝ මාස දෙකක් ඇතුළත මෙරට ගෙන්විය යුතු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එසේ නොකරන්නේ නම් එම කාලය අවසන් වූ පසු පැනඩෝරා හා පැනමා පත්‍රිකා ඇතුළු නීති විරෝධීව පිටරට මුදල් සඟවා ගෙන සිටින නම් ලයිස්තු පාර්ලිමේන්තුවේ සභා ගත කරන බවද හෙතෙම පැවසීය.
අදාල මුදල් මෙරටට ගෙන්වීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට ඒවා ගෙන්වීමට නියම කරන ලෙස තමා යෝජනා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
ඇතැම් ඇමතිවරුන් ගේ ලේකම්වරුන් සතුව ඩොලර් මිලියන එකසිය පනහකට වැඩි මුදල් එසේ තබාගෙන සිටින බවට වාර්තා වී ඇති බවද හෙතෙම කියා සිටියේය.
පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.
0 Comments