* ගෝඨාභය තාමත් ජනාධිපතිද?
* ගෝඨාභය විසින් බාහිර බලපෑම් වලට යටත්ව, විදේශ රටක සිට එවන ලද ඉල්ලා අස්වීම, නීත්‍යනුකූලද?
* ලංකාවට පැමිණීමෙන් පසු, සිය ඉවත්වීම ගැන කිසිවක් ගෝඨාභය විසින් ප්‍රකාශ කලේ නැහැ නේද?
* එම ඉල්ලා අස්වීම නීත්‍යනුකූල නොවන බව ඔප්පු කලොත්, පාර්ලිමේන්තුවෙන් අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්කල රනිල්ගේ, ජනාධිපතිධූරය බල රහිත වෙයිද?
* එනමුත් රනිල් ජනාධිපති ලෙස ගත් තීරණ වලට ගැටළුවක් ඇති නොවන්නේ, ගෝඨාභය අස්වීමේ ලිපිය එවීමට පෙර, රනිල්ව වැඩ බලන ජනාධිපති ලෙස පත් කල නිසාද?
* එනම් රනිල් අනුප්‍රාප්තික ජනාධිපති නොව, තවමත් ගෝඨාභය පත්කල වැඩබලන ජනාධිපතිද?
* ඒ නිසාමද, රනිල්, ගෝඨාභය පත්කල කැබිනට් මණ්ඩලය හා ආරක්ෂක ලේකම් ඇතුළු නිළධාරී මණ්ඩලය, තවමත් පවත්වාගෙන යන්නෙ?
යෙනුක සිසිල්චන්ද්‍ර
0 Comments