ගනේමුල්ලේ සංජීව ඇල්ලුවා නෙමෙයි.. අහුවුනා..

 



සංවිධානාත්මක අපරාධකරු ගනේමුල්ලේ සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම්කොට අත්අඩංගුවට ගත්තා නොව ගුවන්තොටුපොළේ කවුන්ටරය මාරු වී අහම්බෙන් හසු වුනු බව හිටපු හමුදා නිලධාරී කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියෙකු ගනේමුල්ලේ සංජීව රට ඇතුලට එන්න අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර තිබූ බවද ඔහු පෙන්වා දෙයි.

ගනේමුල්ලේ සංජීව ලංකාවට ආවේ තනියම නොවන බවත් ලංකාවට විශාල වශයෙන් මත්කුඩු ගෙන්වන පුද්ගලයා පැමිණි නමුත් ඔහු රහස් පොලිසියට හසු නොවී පැනගත් බවත් හෙතෙම කියා සිටී.

ඔහු තොරතුරු හෙළි කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

Post a Comment

0 Comments