මන්නාරම මුහුදු සීමාවේදී මසුන් ඇල්ලීමට ගිය ධීවරයින් පිරිසක්ට (07) රාත්‍රියේ දුර්ලබ වර්ගයේ ආඳා විශේෂයට අයත් මත්සයෙකු හසුවී ඇති අතර එම ආඳා අඩි 10 කට වැඩි දිගින් යුතු වන බවද මන්නාරම් ධීවරයින් පවසති.
මන්නාරම් ධීවරයින් පිරිසක් මන්නාරම් මුහුදු සීමාවේදී මසුන් ඇල්ලීම සඳහා දැල් එලීම සිදුකොට ඊයේ රාත්‍රියේ අදාල දැල් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මෙම ආඳා දැලකට හසුව මිය ගොස් සිටියදී ධීවරයින්ට හමුව ඇත.
දැලෙන් මුදාගෙන් රැගෙනවිත් ඇති මෙම ආඳා ධීවරයින් විසින් පරික්ෂා කිරීමේදී අඩි 10 කට වැඩි දිගකින් යුක්ත වූ අතරම බරින් කිලෝ 8 ග්‍රෑම් 400 ක් යුක්ත වූ බවටද ධීවරයින් පැවසූහ.
කෙසේ වෙතත් මෙම ආඳා විශේෂය මේ වන විට මුහුදු සීමාවේධී සොයා ගැනීමට නොහැකි බවටත් ඉතා දුර්ලබ වූ මෙම ආඳා මත්ස්‍ය විශේෂය ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරේ රෝග රැසකට ප්‍රතිකාර ඖෂධයක් බවටද මන්නාරම් ධීවරයින්ගේ විශ්වාශයක් පවතියි.
0 Comments