නාමල් රජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වීමට තවත් වයස තිබෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකත්වය සම්බන්ධයෙන් කළ විමසීමක දී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම් බවද කී ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ 7 ධර්මායතනයේ දී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
0 Comments