රනිල් මහතා බලයට ගෙන ඒමට පෙර UNP හිතවාදීන් පැවසුවේ ,ඇමරිකානු,බටහිර සබඳතා ඇති රනිල් වැනි වෙනත් ජාත්‍යන්තර මොළයක් ලංකාවට නැති බවයි.
අරගලය මර්ධනය කළ පසු එයින් උද්ධාමයට පත්වූ පොහොට්ටු නායකයන් පවසන්න පටන් ගත්තේ පවතින අර්බූදය ජයගන්න ජාත්‍යන්තර සබඳතා ඇති එකම නායකයා වගේම ඇමරිකාවට හා යුරෝපයට කෙලින්ම කථාකර ආධාර ගත හැකි නායකයා රනිල් බවය.
රනිල්ද හිතුවේ ඔහු ධනපති පංතියේ නියෝජිතයා බැවින් ඔහුව කොන්දේසි විරහිතව ඇමරිකාව බලාගනීවි .හා ආධාර කරාවි කියාය.
රනිල් ජනාධිපති වූ පසුව ඔහු ලෝකෙ වටේ ගියේ ඒ බව රටට ඒත්තු ගන්වන්නටය.පළමුවෙන්ම රැජිනගේ අවමගුලට ගියේය.එහිදී බ්‍රිතාන්‍ය අගමැති ඇතුලු අවමගුලට පැමිණි රාජ්‍ය නායකයන් කීපදෙනෙක් හමුවුන බවට මාධ්‍ය සංදර්ශන පැවැත්වීය.
ඊට අමතරව ජාත්‍යන්තර සමුළු වලට යන්න පටන් ගත්තේය.ප්‍රංශ ජනාධිපති තෙල් ගහන්න කටුනායකට බැස්ස වෙලාවෙ ප්‍රංශ ජනාධිපතිවරයකු ලංකාවට ආ පළමු අවස්ථාව බව පවසා ඒ පැය දෙකට කටුනායකට ගොස් ඔහු හමුවිය.
මේ ලෙස තමා මාර පොරක් ,බවටත්, ලෝකයේ රාජ්‍ය නායකයන් ඉන්නෙ තමාගෙ ඔඩොක්කුවෙ වැනි නැති ප්‍රතිරෑපයක් මවාගෙන එය රටට පෙන්වීමට රනිල් උත්සාහ කළේය.
එහෙත් රනිල් කඩාවැටුනේත්,රනිල් පොරක් කියා සිතූ අයගේ සිහින බිඳුනේත් එ.ජා.සමුළුව ඇමතීමට රනිල් ඇමරිකාවට ගිය වෙලේ බයිඩන් ජනාධිපති සාකච්ඡාවක් ලබා නොදීම නිසාය.රනිල් මැතිවරණ නොපවත්වා ගෙනයන ප්‍රජාතන්‍ත්‍ර විරෝධී පාලනය එයට හේතු වී ඇති බව පැවසේ.මේ අතර IMF දෙවන වාරිකය ලබාදීම ප්‍රමාදකිරීම ගැන ද රනිල් සිටින්නේ මලපැනලාය.
මේ නිසා කනස්සල්ලෙන් සිටි රනිල් ජර්මනියේ රූපවාහිනිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී තම කේන්තිය පිටකළේය.ඒ සමඟම බටහිර සමඟ කිසියම් හෝ සබඳතාවයක් තිබුනිනම් එයද නැතිකරගත් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
ජනාධිපති වීමට පෙර චැනල් 4 සමඟ තිබුනු හිතවත්කම ජනාධිපතිවීමෙන් පසුව චැනල් ෆෝ ද්‍රෝහියෙක් වුනේ කොහොමද ?මේ පිළිබඳව මරික්කාර් මන්ත්‍රී පවසන්නේ රනිල්ට බලය තියෙන වෙලාවේ මොලය නැති බවය.
ඒ අනුව දැන් රනිල් ගැන ලොකු බලාපොරොත්තු තැබූ පොහොට්ටුවෙ අය පවසන්නේ මෙතෙක් අර්බූදය විසඳීමට රනිල් විදේශයන්ගෙන් කිසිවක් රටට ගෙනාවේ නැති බවය.
මේ පිළිබඳව අදහස් දැක්වූ වාමාංශිකයකු පැවසුවේ නව ලිබරල්වාදය අර්බූදයෙන් අර්බූදයට ගිය මේ මොහොතේ රට ගොඩගැනීමට රනිල්ට තියා කිසිම ධනපති පාලකයෙකුට නොහැකි බවත්, අභියෝග ජය ගැනීමට නම් දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක්අවශ්‍ය බවත්,ඒ දෙසට බලවේග පෙළගැසෙමින් පවතින බවත්ය.
මේ අනුව රනිල් පොරක් නොවන බව කාටත් වැටහෙමින් පවතී...
0 Comments