රනිල් පොහොට්ටු ගැටුම උග්‍රවෙයි!දැඟලුවොත් මහ මැතිවරණයක්.........



 ඊයේ සිදුකළ කැබිනට් මණ්ඩල සංශෝධනයේදීද පොහොට්ටුවේ ප්‍රභල ඇමතිකම්දැරූ රෝහිත,එස්.එම් චන්ද්‍රසේන,ජොන්ස්ටන්,

මහින්දානන්ද හා රාජපක්ෂ පවුලේ කිසිවකුටත් ඇමතිකම් නොදීම නිසා පොහොට්ටු රනිල් ගැටුම උග්‍රවී එය එළියට පැමිණ ඇති බවත් මේ හේතුවෙන් පොහොට්ටුවේ බලය හා පොහොට්ටුව ගැන විශ්වාසය තබාගෙන සිටි පාක්ෂිකයන් තව දුරටත් දුර්වල වන බවත්, දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

මේ පිළිබඳව උරණවී ඇති පොහොට්ටු නායකයන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා රනිල්ට ප්‍රසිද්ධියේ දොස් පැවරුවේය.මේ පිළිබඳව අදහස් දැක්වූ පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් පැවසුවේ මෙම තීරණය ගැන තම පක්ෂයේ කනස්සල්ල පළකරන බවත්,ඒබව ජනාධිපතිට දැන්වූ බවත්,මේ රජය ගෙනයාමට ජනාධිපතිට ශක්තිය දෙන්නේ පොහොට්ටුව බවත්,මන්ත්‍රීවරු 5 ක් පමණක් සිටින ශ්‍රීලනිපට තවත් ඇමතිකම් හා අපේ ඇමතිකම් ගලවා රාජ්‍ය ඇමතිකම් දීම වැරදි බවත් ජනාධිපති කළත් වැරැද්ද වැරැද්දමයි කියා පැවසීමට තමා බිය නොවන බවත් ජනාධිපතිට එසේ නොකර සිටීමට ඉඩ තිබුණු බවත්,පැවසීය.

   තව දුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ ජනාධිපතිධූරය අරගෙන දීපු,ඔහුට ශක්තියක් අරන්දුන්  අපිට මෙසේ කිරීම ගැන පොහොට්ටුවේ දැඩි විරෝධය පළකරන බවත්,මේ පිළිබඳව අනාගතයේදී තීරණයක් ගන්නා බවත්,මෙය ඉහළට නගින්න දුන්න  ඉනිමගට පයින් ගැසීමක් බවත් පැවසීය.

මේ ගැන දේශපාලන විද්වතුන් පවසන්නේ පොහොට්ටුව දක්ෂිණාංශික රනිල් සමඟ එකතුවීමත් සමඟ මැද මාවතේ ඵෙතිහාසික කාර්යභාරය දැන් නිමාවී ඇති බවත්,

පොහොට්ටුවේ මැති ඇමතීන්ට සමාජය තුළ ඇති දැඩි කළකිරීමත්,පොහොට්ටුවේකංචන,සේමසිංහ,ලන්සා, රණතුංග වැනි තරුණ කංඩායම රනිල් සමඟ සිටීමත් හා පො⁣හොට්ටුවේ බලය මේ වනවිට 10% කටත් වඩා අඩුවී ඇති බවට සමීක්ෂණ වාර්ථා පෙන්වාදීමත් මෙසේ රනිල් පොහොට්ටුවට ඇමතිකම් නොදීමට හේතුව බවයි.

   මේ හේතුව නිසා  බැරිවෙලාවත් පොහොට්ටුව අයවැයේදී ඡන්දය ⁣නොදීමට තීරණය කළහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන බවට රනිල් පොහොට්ටුවට මේ වන විටත් තර්ජනාත්මකව පවසා ඇති බවත්,එවැනි මැතිවරණයකින් පසුව රනිල්,ශ්‍රීලනිප,සජබ,මුස්ලිම් හා දෙමළ පක්ෂ එක්ව රජයක් පිහිටුවන බවත්,රනිල් තව දුරටත් ජනාධිපති බවත් ,මහ මැතිවරණයකදී  පොහොට්ටුව තනිවම තරඟකර අන්ත පරාජයකට පත් වන බවත්,මේ නිසා අද පොහොට්ටුව ගලේ පහරපු බළලෙකුගේ තත්වයට පත්වී ඇති බවත්,පොහොට්ටුව අද කිසිම පංති පදනමක් නැති විසිරීගිය පක්ෂයක් බවට පත්වී ඇති බවත් රනිල් පොහොට්ටු ගැටුම ඉදිරියේදී තව දුරටත් තියුණුවීම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකි බවත් විද්වතුන් පවසති.

Post a Comment

0 Comments