යුද්දය මැද තවත් ලාංකික කතුන් පිරිසක් ඊශ‍්‍රායලයට.. එරටින් කිසිවෙකු නොඑයි…

 



සාත්තු සේවිකාවන් ලෙස තෝරා ගනු ලැබූ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියපදිංචි වූ කාන්තාවන් 29 දෙනෙකු ඉදිරි පැය කිහිපයේ රැකියා සඳහා ඊශ්‍රායලයට ලගාවීමට නියමිත බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

එම කාන්තාවන් පිරිස පිළිගැනීම සඳහා තමන් ඇතුළු පිරිසක් ගුවන් තොටුපළට පැමිණෙන බව පැවසීය.

ඊශ්‍රායලය තුළ යුදමය වාතාවරණයක් පවතින පසුබිමක් තුළ එම කාන්තාවන් පිරිස රැකියා සඳහා එරටට පැමිණීම අගය කළ යුතු කරුණක් බව තානාපතිවරයා පැවසීය.

එමෙන්ම මේවනවිට ඊශ්‍රායලයේ සිටින සාත්තු සේවිකාවන් ද මෙතෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කිසිඳු ඉල්ලීමක් සිදුකර නොමැත.

ඒ සම්බන්ධයෙන් එරට සිටින ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවන්ට ඊශ්‍රායල බලධාරීන්ගේ ද ප්‍රශංසාව හිමිව ඇති බව වැඩිදුරටත් තානාපතිවරයා පැවසීය.

Post a Comment

0 Comments