අසාධාරණ විදුලි බිල වහා අඩු කරනු!සතර දෙසින් විරෝධතා...

 




මේ වසර තුල පමණක් අනීතික ලෙස තුන් හතර වතාවක් වැඩි කළ විදුලි බිල හේතුවෙන් මේ රටේ ජනතාව කබලෙන් ලිපට වැටී ඇති බවත්, එයට එරෙහිව කුමන හෝ ක්‍රියාවක් කරමින් විදුලි බිල අඩුකරන තෙක්  රජයට විරෝධතාවය දක්වන මෙන් තමන් සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික හා එහි සභාපති  MDR අතුල අද Lanka L News වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළ්ය. .ඒ වෙනුවෙන් නොවැ.01දා දිවුලපිටියේ සිට කොළඹ දක්වා දැවැන්ත පාගමනක් සූදානම් කර ඇති බවත්, හැකි සියලු දෙනා එයට සහභාගි වන ලෙසත්,අනෙක් අය කලුකොඩි අතැතිව නිවෙස් ඉදිරිපිට සිට එයට සහය දක්වන ලෙසත්,ලයිට් නිවා විරෝධය පල කරන ලෙසත්,හැම නිවසකම කලු කොඩි ඔසවන ලෙසත් ඉල්ලා සිටියේය.

මේ අතර සෑම නගරයකම පන්දම් දල්වා මෙයට එරෙහිව දේශපාලන භේදයකින් තොරව ජනයා විරෝධය දක්වන බවත්,අද පානදුර,හොරණ,වැනි ප්‍රසේශ කිහිපයකම එසේ විරෝධතා දැක්වූ බවත් සඳහන් කළේය.

අද දින විරෝධතාවයකට එක්වූ එක් ස්වාමීන් වහන්සේ නමක් පැවසුවේ කාංචනලාට ඔහුගේ තාත්තා හොරකම් කරපු සල්ලි තිබුණාට මේ රටේ සාමාන්‍ය ජනතාවට එක වේලක් කන්නවත් සල්ලි නැති බවත් ,මේ මිථ්‍යා දෘෂ්ටික පාලකයො නිසා ගම් දනව්වල පංසල් විදුලි,ජල බිල් ගෙවා ගන්න බැරුව පිපාසාවේ කළුවරේ සිටින බවත් මෙයට එරෙහිව රටේ හැම තැනම කළු කොඩි ඔසවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්,මේ පාලකයො මිහින්තලේ විහාරස්ථානයේ විදුලිය කැපීමට තැබූ අත ශ්‍රී පාදස්ථානයටද තබා ඇතැයි පැවසූහ..

Post a Comment

0 Comments