සී.ඩී. වික්රමරත්න මහතාට පොලිස්පති ධුරයේ කටයුතු කිරීමට ලබාදී ඇති සති තුනක සේවා දිගුව එළඹෙන දෙවනදායින් අවසන් වෙයි.
නමුත් මෙය වන විටත් නව පොලිස්පති වරයකු සඳහා නම් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර නැති බව වාර්තා වෙයි.
සී.ඩී. වික්රමරත්න මහතාට සේවා දිගු තුනක් ලබාදී ඇති අතර තුන්වන සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොලැබීම මත ජනාධිපතිවරයා විසින් එය ලබා දී ඇත.
එම තත්ත්වය මත පොලිස් දෙපාර්තමේන්තුව පරිපාලනය ගැටලු මතුව තිබේ.
පොලිස්පති ධුරය සඳහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, ලලිත් පතිනායක හා නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් සුදුසුකම් ලබා ඇත.
0 Comments