මහා පරිමාණ ගස්ලබු වගාවකට අනුරාධපුර රක්‍ෂිතයක් ඩෝසර් කරයි…

 

මහා පරිමාණ ගස්ලබු වගාවක් ආරම්භ කිරීමට අනුරාධපුර කටුගම්පලයාය රක්ශිතයේ ගස් කපා දමමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම රක්ෂිතය එලි පෙහෙලි කරමින් තිබූ බැකෝ යන්ත්‍රයද අත්තඩංගුවට ගත් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටී.

විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බැකෝ යන්ත්‍රයේ රියදුරා පමණක් වන අතර ඉදිරි විමර්ෂණවලින් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වෙයි.

Post a Comment

0 Comments