මුලතිව් නිරාවිප්පිඩ්ඩි නැගෙනහිර ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කොට ගෙමිදුලේ වලදමා පලාගිය එම කාන්තාවගේ සැමියා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අද (25) දින අත්අඩංගුවට ගත් බවට මුල්ලියාවලෙයි පොලීසිය පැවසීය.
නිරාවිප්පිඩ්ඩි නැගෙනහිර ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි මෙම අඹුසැමි යුවල ආරවුලක් ඇතිකරගෙන පසුව සැමියා විසින් බිරිඳව ඝාතනය කොට ඇතැයි පොලීසිය සැකපල කරයි.
මිය ගිය කාන්තාවගේ මව සිය දියණිය සමග දෛනිකව දුරකතනයෙන් කතාකලද පසුගිය 23 වනදා සිට දියණියගේ ජංගම දුරකතන ක්‍රියා විරහිත වී තිබීම නිසා මව සිය දියණිය පදිංචිව සිටි කුලී නිවසට ගොස් පරික්ෂා කිරීමේදී දියණිය හෝ ඇගේ සැමියා නොසිට ඇති අතර නිවසට යාබදව මිදුලේ වලක් කපා පස්ගොඩකර තිබීම හේතුවෙන් ඒ පිළිබඳව මව වසින් මුල්ලියාවලෙයි පොලීසියට දැනුම් දෙනු ලැබීය.
පසුව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් මත අදාල ස්ථානය ඊයේ (24) දින හාරා පරික්ෂා කිරීමේදී එම දියණියගේ මළසිරුර තිබී ඇති අතර එය ඝාතනයක් බවටද පොලීසිය විසින් අනාවරනය කරගනු ලැබීය.
කෙසේ වෙතත් අදාල ඝාතනය සම්බන්ධයෙන් එම කාන්තාවගේ සැමියාගෙන් ප්‍රශ්න කිරීමට සෙවීමේදී සැමියා පලාගොස් ඇති බවට අනාවරනය වී ඇති අතර එහිදී සැමියා විසින් ඔහුගේ බිරිඳ ඝාතනය කොට මෙලෙස පලාගොස් ඇති බවට පොලීසිය විසින් සැකපල කොට පලා ගිය සැමියා සෙවීම සඳහා පරික්ෂණයක් ආරම්භ කරන ලද එහිදී පලා ගිය සැමියා අද (25) දින වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක සැඟව විසිටයදී අත්අඩංගුවට ගත් බවටද මුල්ලියාවලෙයි පොලීසිය පැවසීය.
මෙලෙස ඝාතනය වී ඇත්තේ මුල්ලියාවලෙයි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ගීතා නැමිත කාන්තාවක් වන අතර අත්අඩංගුවට ගත් සැමියා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද මුල්ලියාවලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

0 Comments