ඉන්දියාව උතුරට උපරිම අතහිත දෙයි…

 

උතුරු පලාතේ ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සහ උතුර සංවර්ධන කාර්යේදී ඉන්දීය රජයේ පූරණ සහය ලබාදෙන බව ශ්‍රීලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසයි.

උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාලස් මහත්මිය හමුවූ අවස්ථාවේදී ඉන්දීය මහකොමසාරිස් වරයා මේ බව පැවසීය. මෙම හමුව කොළඹ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.

උතුරු පලාතේ වර්ථමාන තත්වය සහ රජය මගින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් මෙන්ම ජනතාවගේ එදිනෙදා කටයුතු පිළිබව මෙම සාකච්ඡාවේදී උතුරු ආණ්ඩුකාර තුමිය විසින් ඉන්දීය මහකොමසාරිස් වරයා දැනුවත් කළ අතර ඒ පිළිබව සිය සතුට පල කල ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රීලංකාව සහ ඉන්දීයාව අතර ඇති මිත්‍රතත්වය ඉදිරියටත් ශක්තිමත් කරමින් උතුරු පලාතේ සංවර්ධනය සදහා ඉන්දීය රජයේ සහය ලබදෙන බව වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments