ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරුවේ සිදු කරන ලද කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කනස්සල්ලට පත්ව සිටියි.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එය ජනාධිපතිවරයා විසින් ගන්නා ලද වැරදි තීන්දුවක් බවයි.
මේ පිලිබදව පක්ෂය තුල ඇති කනස්සල්ල සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කරන ලද බවත් හෙතෙම පැවසීය.
පොදුජන පෙරමුණ විසින් දරන ලද අමාත්‍යධූරයක් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දී රාජ්‍ය ඇමති ධූරයකුත් අලුතින් එක් වැරදි දෙයක් බවත් ඒ ගැන සතුටක් නැති බවත් හෙතෙම කියා සිටියේය.
පක්ෂ ඊට දැඩි විරෝධය පළ කරන බවත් ජනාධිපතිවරයාට එය නොකල සිටිය යුතු දෙයක් බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාට ඉදිරියේදීද ආණ්ඩුව කරගෙන යාමට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සූදානම් බවත් පැවසූ ඔහු පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහාය නොදීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය.
0 Comments