කාංචන තෙල් ඇමති ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් 450 ක් චීනයේ,ඔස්ට්‍රේලියාවේ හා ඉංදියාවේ සමාගම් වලට පැවරීම සාධාරණය කළේ සමාගම් කීපයකට තෙල් බෙදාහැරීම බාරදුන් විට ඇතිවන තරඟයේදී තෙල් මිළ අඩුවන බවට ප්‍රකාශ කිරීමෙන්ය.එහෙත් අද සිදුවෙමින් යන්නේ තෙල් මිළ වැඩිකිරීමට සමාගම් අතර පවතින තරඟයක් බවත්, මෙය කාංචන ඇමතිගේ මාර තරඟය බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති MDR අතුල මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.තව දුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ ඔක්තෝබර් මාසය වන විට 22% කින් විදුලි බිල වැඩිකිරීමට ආණ්ඩුව සූදානම් වන බවත්,මෙයට විරුද්ධව තම සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට බලාපොරොත්තු වන බවත්ය.
මේ පිළිබඳව අදහස් දැක්වූ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පැවසුවේ තෙල් මිළ,විදුලිබිල ,බදුබර වැඩිකිරීම හේතුවෙන් මේ රටේ ජනතාවගේ ජීවිත වල බරපතල බිඳවැටීමක් සිදු වී ඇති බවත්,මේවාට IMF කේතුමතියෙන් නම් කිසිදු උත්තරයක් මෙතෙක් නොලැබී ඇති බවයි..
0 Comments