විදුලි බිල වැඩි කළේ IMF ගිවිසුම අනුවයි.... ඇමති කාංචන කියයි..

 


මෙවර විදුලි බිල වැඩි කිරීමට තීරණය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම අනුව බව ඇමති කාංචන ප්‍රකාශ කළේය.එසේම මෙතෙක් මාස 6 කට වරක් සංශෝදනය වූ විදුලි බිල මාස 3 කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස්කරන බවද පැවසීය.

         මේ අනුව ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බූදයෙන් ගොඩඒමේ එකම විසඳුම IMF යාම බව පැවසූ රනිල්ලා,බැසිල්ලා,සජිත්ලා,අනුරලා ,හර්ෂලා,ජී.එල් ලා විදුලි බිල වැඩිවීම ඇතුලු,බදු බර වැඩිකිරීමේ ,රාජ්‍ය ආයතන විකිණීමේ ,සහනාධාර කැපීමේ වගකීම භාරගන්නේද?මේ සියලු බර IMF කොන්දේසි නිසා බව  විපක්ෂයේ මහත්වරුන්ට දැන්වත් වැටහෙන්නේද? 

මුලු පාර්ලිමේන්තුවේම IMFනොයන ලෙසත්,IMF කොන්දේසි අවසානයේ පැටවෙන්නේ සමාජයේ පහළම ස්ථරයන් වන දුගී ගොවීන්,කම්කරුවන්,රැකියා විරහිත ජනයා සහ පහළ වැටුප් ලබන සේවකයාගේ හිස මත බවත් නිර්භයව පැවසුවේ වාසුදේව මන්ත්‍රීතුමා ඇතුලු වාමාංශික මන්ත්‍රීවරුන් කිහිපදෙනා පමණක් බව සටහන් කළ යුතුය. ඊට අමතරව පාර්ලිමේන්තුවෙන් පිටත මහාචාර්ය සුමනසිරි ලියනගේ ,කල්ප රාජපක්ෂ වැනි බුද්ධිමතුන් පමණි.

එසේම IMF ඉතිරි කොන්දේසි ක්‍රියාවට නැගෙන විට මහජනයාට විඳින්නට සිදුවන දුක් කම්කටොලු වල අනිවාර්ය ප්‍රතිඵලය සමාජ අරගල,කම්කරු,ගොවි,ශිෂ්‍ය අරගල,ආදී විවිධ ස්වරූප වලින් මතුවනු ඇත.

Post a Comment

0 Comments