ඉන්ධන අලෙවි කිරීමෙන් රජය මේ වනවිට විශාල ලාභයක් ලබා ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසයි
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ රජය ජනතාව වෙනුවෙන් ඉන්ධන මිල අඩු කිරීමට හැකියාව තිබුණ ද IOC සහ Sinopec සමාගම් වලට ලාභ ලබා දීම සඳහා රජය සැලසුම් සහගත ව ඉන්ධන මිල අඩු නොකරන බවයි.
විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉන්ධන අලෙවියෙන් රජයට පාඩු සිදු වන බවට සිදු කරන ප්‍රකාශයන් ජනතාව නොමග යවන ඒවා බව ද ඔහු මෙහි දී සඳහන් කර ඇත.

0 Comments