ජනතා විමුක්ති පෙරමුණෙන් වලල්ලාවිට ප්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරයකු දියේ ගිලී මියගොස් තිබේ.
වැලිපැන්න පොලිසිය සඳහන් කරන්නේ ප්‍රදේශයේ ඇලකට වැටී මෙසේ මියගොස් ඇත්තේ වලල්ලාවිට බෝපිටිය ප්‍රදේශයේ පදිංචි හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකු බවයි.
ඔහු ප්‍රදේශයේ නිවසකට ගොස් සිටියදී අනතුරට ලක්ව ඇති බවත් ඔහු අතුරුදන් බවට පොලිසියට පැමිණිල්ලක් ඊයේ දිනයේ දී ලැබී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
0 Comments