On The Spot රක්‍ෂණ ක්රමය මාර්ග අනතුරු වලක්වීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් වී ඇති බව ප්‍රවාහන රාජ්‍ය ලසන්ත අලගියවන්න මහතා පෙන්වාදෙයි.
මාර්ගයේ සිදුවුන රථවාහන අනතුරකදී පොලිසියට වාර්තා නොකර රක්ෂණ සමාගම විසින් සේවාදායකයා සමග එක්ව ගැටලු විසඳා ගැනීම තුළ රථවාහන අනතුරු ගැන නිවැරැදි දත්ත පොලිසියට නොලැබෙන බව ද ඔහු චෝදනා කළේය.
මාර්ග අනතුරක් සිදු විට එහි අඛණ්ඩව අනතුර සිදු වන්නේද යන්න නිරීක්ෂණය කරමින් ඊට විසඳුම් ලබාදීමට ඇති අවස්ථාව ඒ හරහා අහිමි වී යන බවත් එය බරපතල අවදානම් තත්ත්වයක් බවත් ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව මෙම තත්ත්වයන් මත සෞඛ්‍ය අංශ ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම රක්ෂණ සමාගම් ද සහභාගි කර ගනිමින් දත්ත පද්ධතියක් සකස් කිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
0 Comments