හොදම මුදල් ඇමතිට හොද කලක්.. ලොකු තනතුරක් on the way…

 



එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය වෙනසක් සිදු වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවි කරුණානායක මහතා එම ධුරයට පත්කර ගැනීම සඳහා මේ වන විටත් පක්ෂයේ යම් සාකච්ඡාවක් සිදුවෙමින් ඇති බවද සදහන්ය.

තවත් පිරිසක් රවී කරුණානායක මහතා මහලේකම් ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් අකමැත්ත පළ කර ඇති බවද වාර්තා වෙයි.

වත්මන් මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාට වෙනත් තනතුරක් හිමි වනු ඇතැයිද දැනගන්නට ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයේදී තවත් තනතුරු කීපයකම වෙනස්කම් කීපයක් සිදුවීමට නියමිතව තිබේ

Post a Comment

0 Comments