ලංකාවේ එක් පුද්ගලයකු ලක්ෂ 12ක ණය කරුවෙක් කර ඇත ...

 


2023 ජූලි මාසය අවසන්  වනවිට ශ්‍රී ලංකාව ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 12,64,723/=ක් වන බවත්, ඒ අනුව ඒක පුද්ගල ඩොලර් ණය ප්‍රමාණය ඩොලර් 3840ක් වන බවත් මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

ඒ අනුව අද ඉපදෙන දරුවත් මේ මහපොළවට බරක්, ණය කරුවෙක් කර හමාරය.

එසේම මේ රට ලබාගෙන තිබෙන ණය සඳහා රටේ සමස්ථ ආදායමෙන් 72%ක් පොළී වශයෙන් වැය කරන බව ලෝක බැංකු වාර්තාවකින් හෙළිවේ. එම වාර්තාවට අනුව දෙවැනි තැන සැම්බියාව බවත්,ඔවුන්ගේ මුළු ආදායමෙන් ණය පොළිය ගෙවන්නේ 27.35% ක් බවත්, නේපාලයේ එම ප්‍රතිශතය 4%ක් බවත් සඳහන් කරයි.

මෙහෙම රටක හිටපු ජනාධිපතිවරුන් හතරදෙනාගේ හා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳගේ නඩත්තුවට සහ වරප්‍රසාද වලට 2024 අයවැය විසර්ජන පනත් ⁣කෙටුම්පතෙන්  ලක්ෂ 1100ක් වෙන් කිරීමට යෝජනා කර ඇත .මෙය පසුගිය වසරට වඩා 45%ක වැඩිවීමක්  බව සඳහන් වේ. මෝටීන් එකේ සිට කෑම දක්වා වන මොවුන්ගේ නඩත්තුවත් කන්නවත් නැති ජනතාවගෙන් එකතු කරන බදු මුදලෙන් ගෙවිය යුතුය. 

රනිල් මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් ණය ගැනීම, බදු ගැසීම හා විකිණීම බැවින් ඉදිරි පරම්පරාවත් ණය උගුලේම හිරකරනු ඇත.

Post a Comment

0 Comments